ජනමාධ්‍ය හා කාන්තාව – වැඩසටහන් මාලාව
ජාත්‍යන්තර කාන්තා දිනය 2024 ට සමගාමී ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජනසන්නිවේදන විශේෂවේදී විද්‍යාර්ථීන් විසින් මාර්තු 07 වන දින ජනමාධ්‍ය හා කාන්තාව මැයෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
එහි පළමු වැඩසටහන වූයේ මාධ්‍ය හා කාන්තාව පිළිබඳ පර්යේෂණයන් හි නවමු දිශානතිය යන්නයි. කථිකාචාර්ය චරිතා මාකස් මහත්මිය විසින් අයර්ලන්තයේ සිට එම දේශනය පවත්වන ලදී.
මාධ්‍ය තුළ කාන්තාව සුරක්ෂිත වේ/ සුරක්ෂිත නොවේ යන මැයෙන් පැවැත්වූ විවාද තරඟාවලිය එහි දෙවන වැඩසටහන යි. ඊට දෙවන, තෙවන සහ සිව්වන වසර වල ජනසන්නිවේදන විශේෂවේදී විද්‍යාර්ථීන් සම්බන්ධ විය.
තෙවන වැඩසටහන ලෙස කාන්තාව, මාධ්‍ය හා වෘත්තියභාවය පිළිබඳ විද්වත් කතිකාවත පවත්වන ලදී. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් මෙහෙයවන ලද මෙම කතිකාවත සඳහා, චිත්‍රපට නිෂ්පාදිකා, ප්‍රවීණ රංගන ශිල්පිණී රේණුකා බාලසූරිය ප්‍රවීණ රංගන ශිල්පිණී, ටෙලිනාට්‍ය අධ්යක්ෂ දමයන්ති ෆොන්සේකා ප්‍රවීණ ජනමාධ්‍යවේදිනී, ප්‍රවීණ ලේඛිකා මනෝහාරි හේවාවසම් ප්‍රවීන ජනමාධ්‍යවේදිනී, නිවේදිකා වසන්ති නානායක්කාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී, මානව හිමිකම් ක්‍රියාකාරිනී මෙලනි ගුණතිලක යන මහාත්මීන් සම්බන්ධ විය.
අවසාන වැඩසටහන ලෙස The Great Indian Kitchen මලයාලම් සිනමා කෘතිය විචාරය සහ ප්‍රදර්ශනය සිදුකර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.
We celebrated International Women’s Day with a special program titled ‘Mass Media and Women’ on March 7th. The first session featured an insightful guest lecture by Mrs. Charitha Marcus from Ireland, who discussed new research areas on media and women. The second session was a lively debate by our mass communication special batches on women secure in media and women not secure in media. A panel discussion on women, media, and occupation led by Dr. Senesh Dissanaike Bandara, with esteemed panelists including, Film producer and Actress Renuka Basooriya Actress and teledrama Director Damayanthi Fonseka Journalist and Writer Manohari Hewawasam Journalist and Announcer Wasanthi Nanayakkara Social media Activist and Human Rights Advocate Melani Gunathilaka.
The day we concluded with a captivating film review and screening of ‘The Great Indian Kitchen,’ moderated by Ms. Sandunika Rathnayaka.
Here are some moments captured from this enlightening and empowering event!